විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම 55% ක් දක්වා ඉහළට

Share

පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම 55% ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ජල විදුලි ජනනය දෛනික විදුලි අවශ්‍යතාවෙන් 30% ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

කාසල්රී කැනියන් හා මවුසාකැළේ ජලාශ්‍රවල ජල මට්ටම 80% ඉක්මවා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News