දකුණේ ජාතිවාදය වපුරන්නේ රාජපක්ෂ කඳවුර – අනුර

Share

නව ව්‍යවස්ථාවක් තවම නොමැති බවත් දැන් සිදුවන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ ක්‍රියාවලිය බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (02) දින පක්ෂ මූලස්ථායේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

දිසානායක මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින්“පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. ඒ අනුව පාළාත් සභා මැතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ හා විධායක ජනපතිධූරය අහෝසි නොවුණොත් ජනපතිවරණයක් එන අවුරුද්දක් තමයි මේ.

මැතිවරණයක් එන නිසා ජාතිවාදය වැපුරවීමට කටයුතු කරනවා. තියුණු ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරනවා. දකුණේ ඒ කඳවුර නියෝජනය කරන්නේ රාජපක්ෂ කඳවුරයි.

නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන මතයේ අපි ඉන්නවා. ඒක අපි හංගලා කියන දෙයක් නෙමෙයි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු මනින්ම ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි.

රනිල් වික්‍රමසිංහ, සුමන්තිරන්, මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ අපිට ව්‍යවස්ථාවක් ගේන්න බෑ. පාර්ලිමේන්තුවේ සිදුවන්නේ නව ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම නෙමෙයි.

තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරිමේ කියාදාමයක් තියා නව ව්‍යවස්ථාවක් වත් නෑ.

නව ව්‍යවස්ථාවේ ක්‍රියාවලිය කොටස් දෙකකින් සමන්විතයි. එක ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය. දෙක ව්‍යවස්ථාව සම්මත කිරිමේ ක්‍රියාවලිය. දැන් සිදුවෙන්නේ ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ ක්‍රියාවලියයි.

දැන් මොන බිල්ලෙක්ද මවන්නේ. අඩුම තරමේ ආණ්ඩුක්‍රම කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නෑ.

ෆෙඩරල් ව්‍යවස්ථා එනවා. රට කඩන ව්‍යවස්ථා එනවා. පට්ටපල් බොරු මේවා. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ මවන බිල්ලා බොරු බිල්ලෙක්. බොරුවක් මේ කරන්නේ. අපේ මේ රටේ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා. ඔබලා තමයි මේ බොරු ගෙනියන්නේ.

ඔයගොල්ලෝ වාහකයෝ. බොරුවේ නිර්මාපකයෝ ජාතිවාදීන්. මේ පාර්ලිමේන්තුව තුළින් ව්‍යවස්ථාව සම්මත කර ගන්න බෑ. පාර්ලිමේන්තුව කැඳහැලියක් බවට පත්වෙලා තියෙනවා. විකාරරූපී පාර්ලිමේන්තුවෙන් කොහොමද ව්‍යවස්ථාව සම්මත කරගන්නේ. ” යැයි පැවසීය.

Read more

Local News