කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍ය මත නැග ඡායාරූප ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩ්දුරටත් සදහන් කළේ ඔවුන් අද (24) දින කැබැතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හොරොව්පතාන කිරළාගල පුරාවිද්‍යා භුමියේ නටබුන් චෛත්‍යයක් මත නැග ඡායාරුප ගෙන ඒවා සමාජජාල වෙබ් අඩවිවලට මුදාහැර තිබූ අතර මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් වන ඔවුන් එම විශ්වවිද්‍යාල භූමිය තුළදී හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



