ප්‍රදේශ රැසකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

Share

අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මහරගම කොට්ටාව හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පවසන්නේ හෙට (26) පෙරවරු 8.00 සිට අනිද්දා (27) පෙරවරු 8.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

මේ හේතුවෙන් පරිභෝජනයට අවශ්‍ය ජලය රැස් කර තබා ගන්නා ලෙස අදාළ ප්‍රදේශවල පාරිභෝගිකයින්ගෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලීමක් කරයි.

Read more

Local News