බුද්ධිකගේ ප්‍රශ්ණයට රාජිත පිළිතුරු දෙයි

Share

නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්ය.

වැඩ්දුරටත් අදහස් දක්වමින් ” බුද්ධික පතිරණ ඇමතිවරයා  පාර්ලිමේන්තුවේ කළේ වැරදි චෝදනාවක්. නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල උෟරු තෙල් අඩංගු නෑ .” යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ ෆාම් තෙල් කුඩු, ඌරු තෙල් හා ලැක්ටෝස් අඩංගු බවයි.

Read more

Local News