කොළඹට ජල සැපයුම අත්හිටුවයි

Share

අද (10) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය

එම මණ්ඩලය පැවසූවේ මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් අද අලුයම හතරේ සිට හෙට දින අලුයම 4.00 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි .

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරුමාර්ගවල ජල සැපයුම මෙම කාලය තුළ අත්හිටුවනු ඇති.

Read more

Local News