ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වෙයි

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ.

ඒ, අභියාචනාධිකරණය සිය මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එරෙහිව ගීතා කුමාරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරියට නියෝග කළේ, අදාල තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත යොමු කරන ලෙස ය.

 

Previous articleඉදිරියේදී ගුරු වෘත්තියට ඉහළ වැටුපක් සහිත වෘත්තියක් – අධ්‍යාපන අැමති
Next articleඊජිප්තුවේ ගීසා මහා පිරමිඩයන් නවතම සොයාගැනීමක් !