වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන්ට රු.5000 ක දීමනාවක්

වයස අවුරුදු 100 ඉක්මවූ වයෝවෘද්ධ වැඩිහිටියන් 350ක් පමණ මෙරට ජීවත් වන බවත් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් අඩු ආදායම් ලාභී වැඩිහිටියන්ට එක් අයකුට රුපියල් 5000ක් බැගින් මාසික දීමනාව ලබා දෙන බවත් ඒ මහතා පැවැසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද(8) පැවැති මාධ්‍ය හමුවේදිය.

මේ සඳහා සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්. බී.දිසානායක මහතා විසින් ඉදිරිපත් කොට තිබූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

මෙවැනි වැඩිහිටි ජනගහනයක් රටක සිටීම එරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිණුම් දණ්ඩක් ලෙස සැලකිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Previous articleශ්‍රී ලංකාවේ කිරිගොවිපල සංවර්ධනයට ඇමරිකානු ඩොලර් මිලියන 21 ක ප්‍රදානයක් ලබාදීමට ඇමරිකාව කැමැත්ත පළ කරයි
Next articleවව්නියාවෙන් කේරළ ගංජා තොගයක්