ඔලිම්පික් කමිටුවේ විශේෂ මහා සභා රැස්වීමක් අද

Share

අද පස්වරුවේ පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහා සභා රැස්වීමේදි එහි නිලවරණය පැවැත්වෙන දිනය පිලිබද තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ අවසන්වරට නිලවරණයක් පවත්වා ඇත්තේ 2009 වසරේදී ය.

මෙම විශේෂ මහා සභා රැස්විමේදි සංශෝධිත ව්‍යවස්ථාවට පලමුව අනුමැතිය ලබා ගනු ඇති අතර ව්‍යවස්ථාමය ගැටලුවක් නිසා මෙරට ඔලිම්පික් කමිටු නිලවරණය වසර ගණනාවක් ප්‍රමාද විය.

බැඩ්මින්ටන් සංගමයට තහනමක් පනවා තිබීම සහ තවත් ක්‍රීඩා සංගම් කිහිපයකට එවැනි අවධානමක් ඇති වී ඇති අවස්ථාවක අද ඔලිම්පික් කමිටුව රැස්වීම ද විශේෂත්වයක්.

වත්මන් ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු 1997 වසරේ සිට එම තනතුර හොබවන අතර 2009 වසරේ නිලවරණයෙන් පත්වූ මැක්ස්වෙල් සිල්වා එහි වත්මන් ලේකම්වරයාය.

 

Read more

Local News