නීල් රොසයිරෝ මහතා නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස

Share

නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පත් කොට අැත. ඔහු මාණ්ඩලීක ප්‍රධානී තනතුරට පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හ්මු්දාවේ අඥාපති වශයෙන් රාජකාරී කරන ලදී.

මුලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1985 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ලදී. එතැන් සිට ක්‍රමානුකූලව උසස් වීම් ලබමින් 2011 වර්ෂයේ ජුලි මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් කරන ලදී.

ඔහුගේ සේවා කාලය තුළ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අාරක්ෂක උපදේශක වශයෙන් වසර 3ක් රාජකාරී කර අැති අතර, දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය අාඥාපති, බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය අාඥාපති සහ උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය අාඥාපති යන පතිවීම් හොබවා අැත.

Read more

Local News