ජාතිවාදි අදහස් fb දැමු තරුණයෙක් අත්අඩංගුවට

Share

ජාතිවාදී හැගීම් ඇති කරවන ආකාරයෙන් දෙමළ භාෂාවෙන් මුහුණු පොත හරහා අදහස් පළකළ විසි තුන් හැවිරිදි තරුණයෙක් රක්වාන පොලීසිය විසින් ඊයේ (15)  සවස අත්අඩංගුවට ගනු ලැබීය.

රක්වාන ඔරෙන්ජ්ෆිල්ඞ් වත්තේ පදිංචිකරුවෙක් වූ අබ්දුල් රහුමාන් මොහොමඞ් ඉල්ලියාස් නැමැති මෙම තරුණයා ‘‘අපට අවස්ථාවක් එයි. දෙවියන් අප ගැන බලාගනී’’ ආදී ලෙසින් සිය මුහුණු පොත් ගිණුමේ දෙමළ භාෂාවෙන් සටහන් කර අන් අය වෙත මුදාහැර ඇති බවට තොරතුරු ඇති බවද පොලීසිය පවසයි.

මෙම සටහන් නිරීක්‍ෂණය කළ දෙමළ ජාතිකයෙක් විසින් ආරක්‍ෂක අංශවලට ඒ සම්බන්ධයෙන්  කළ දැනුම්දීමකින් පසු සැකකරු අත්අඩංගුට ගෙන තිබේ.

සැකකරගෙන් මේ වනවිට ප‍්‍රශ්න කරන බව ද පොලීසිය පවසයි.

Read more

Local News