ආගම් පදනම් කරගන්න පක්ෂ එපා

Share

ජාති ආගම් කුල හා ප්‍රදේශ පදනමින් දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීමට නීති සකස් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

මීට අමතරව ජාතිය හා ආගම අනුව අමාත්‍යාංශ ඇති කිරීම නවතා දැමිය යුතු බවත්, ඒ වෙනුවට ආගමික කටයුතු අමාත්‍යාංශයක් පමණක් පිහිවුවීමට නීති සකස් කළ යුතු බවත් එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අන්තවාදී ක්‍රියා කළ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින් නොවන බවත්, සිදුකරන මෙම ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන්නේ මහජනතාවගේ බදු මුදලින් වන බවත් ඒ මහතා පවසා සිටියේය.

මේ නිසා ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලින් උපුටා දැමීමට අවශ්‍ය පරිදි ජාතික ආරක්‍ෂාවට තහවුරු වන ආකාරයේ නීති සකස් කළ යුතු බවද අද ඊයේ (16 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා කරුණු 11 කින් යුත් වාර්තාවක් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටුවට බාරදුන් බවද මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.

Read more

Local News