පාර්ලිමේන්තුව අනිද්දා කැඳවයි

Share

පාර්ලිමේන්තුව අනිද්දා කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.

එදින පස්වරු 1.00 පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන අතර ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි.

මේ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද මෙතෙක් දැනුම් දී නොමැති බව වාර්තා වෙයි.

මේ අතර විශ්වාසභංග යෝජනාවට තම පක්ෂයේ සහය ලබානොදෙන බව කදුරට ජනතා පෙරමුණේ නායක කැබිනට් නොවන අමාත්‍ය වි.රාධක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News