ප්‍රතිත්‍රස්ත පනත සහමුලින්ම හකුළාගත යුතුයි

Share

වත්මන් රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්‍රතිත්‍රස්ත පනත සහමුලින්ම හකුළාගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද යුගයේ අවශ්‍යතාව වී ඇත්තේ තිස් වසරක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමට විශාල ශක්තියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශක්තිමත් කිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රතිත්‍රස්ත පනත මගින් රටේ ජාතික ආරක්‍ෂාව රැක ගැනීමට නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා සිදු වූ ගෝලීය ත්‍රස්ත ප්‍රහාර මාලාව පාලනය කිරීමට ආරක්‍ෂක අංශවලට සහාය ලැබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවැති ප්‍රතිපාදන නිසා බැවින් තවදුරටත් දැඩි නීති ඇතුළත් කර එම පනත ශක්තිමත් කළ යුතු බවද හෙතෙම පැවසීය.

මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම යන කරුණු ජාතික න්‍යාය පත්‍රයේ පහළට දමා ජාතික ආරක්‍ෂාවට මුල්තැන නොදුනහොත් අනාගතයේදී ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ මානව අයිතිවාසිකමක් රැක ගැනීමට ඉතුරු නොවන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

Read more

Local News