මහින්දානන්ද පාර්ලිමේන්තු කටයුතු අඩපණ කරයිද ?

Share

රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාසභංගය විවාදයට ගැනීම සඳහා කථානායකවරයා ඉදිරි දින කිහිපය තුළ අවස්ථාවක් ලබානොදුනහොත් පාර්ලිමේන්තු කටයුතු අඩපණ කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියි.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද එක්ව සිටියේය.

“ඇමති රිෂාද්ගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මේ වෙද්දි අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

ඊබ්‍රහීම් සහෝදරයින්ගේ පියා රිෂාද්ගේ සහෝදරයත් එක්ක ව්‍යාපාර කළා.

ත්‍රස්තයින්ට සහය දුන් පුද්ගලයා අත්අඩංගුවට ගත්තම ඔහුව නිදහස් කරන්න හමුදාපතිට බල කරලා.

ත්‍රස්තවාදීගේ පියා සමඟ ගම්මිරිස් ආනයනය කරලා ලංකාවේ නම යොදලා ඉන්දියාවට යැව්වා.

මේ සියලු තොරතුරු අපට ලැබුණා තවත් මොනවද ඔහුට විරුද්ධව කතා කරන්නේ.

අණ්ඩුව හදන්න මම උදව් කළා නමුත් එ.ජා.ප මන්ත්‍රීවරු මට විරුද්ධව කතා කරනවා.

මම හෙට ආණ්ඩුවෙන් යනවා කිව්වම අගමැතිවරයා බොහොම බය වුණා. මේ ආණ්ඩුව සිදු කරන්නේ
ත්‍රස්තවාදයට උදව් කරපු පුද්ගලයෙකු රකින එක.

එ.ජා.ප මන්ත්‍රීවරු පිරිසක් ඡන්දය දෙනවා කිව්වා TNA මන්නාරම මන්ත්‍රීවරු අපිට කතා කළා.

TNA එකට බලපෑම් කරනවා පක්ෂව ඡන්දය දෙන්න.

පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට අපි කිව්වා අන්තවාදීන් ආණ්ඩුවේ තියාගන්න එපා කියලා.

මේ මාස හය යන්න අපි සහය දෙන්නම් කිව්වා.

විශ්වාසභංගය ඉදිරි දින වල ගෙන්න දෙන්නේ නැතිනම් පාර්ලිමේන්තු කටයුතු ගෙනියන්න ඉඩ දෙන්නෙ නැහැ.

පාර්ලිමේන්තුවේ අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා.” පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read more

Local News