මව්වරුන් වඳ කළ බවට පළවූ වාර්තාව ගැන පරීක්ෂණයක්

Share

ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙක් සිංහල මව්වරුන් 4000ක් පමණ වඳ සැත්කම්වලට භාජනය කළ බවට අද දිනයේදී ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් සිදුකිරිමට නියමිතව තිබේ.

එසේම එම වාර්තා සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේද අවධානය යොමුවිය.

තමන් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් හා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් විමසා සිටි බව පැවැසූ කථානායකවරයා ඔවුන්ද ඒ පිළිබඳව නොදැනුවත් බව පැවැසීය.

එසේම හෙට දිනයේදී ඒ පිළිබඳව වාර්තාවක් ලබාගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News