නායකයින්ගේ ආසාර්ථකත්වය ගැන වසන්ත කියයි

Share

රටේ ජනතාවට සිය ඡන්ද අයිතිය බුද්ධිමත් ලෙස භාවිත කළ යුතු කාලය එළැඹ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඡන්දය සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් බෙදා වෙන් කොට ඇති බවයි.

එයින් පෙන්නුම් කරන්නේ වසර 70ක් පමණ රට තුල සිටි නායකයින්ගේ ආසාර්ථකත්වය බවත් නැවත එවැන්නක් සිදු වීමට ඉඩ නොතැබිය යුතු බවද ඒ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වු ඒ මහතා පැවසුවේ පසුගිය දා සිදු වු සිද්ධින් දාමය තුල දේශපාලනයක් තිබෙන බවයි.

ඔහු පැවසුවේ රටතුල ඇති වි තිබෙන ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට දෙශපාලන අන්තවාදයට ඉඩ නොතැබිය යුතු බවයි.

Read more

Local News