වෛද්‍යවරයා ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා කුරුණෑගල විරෝධතා

Share

භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් අද (28) කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

එම පිරිස එලෙස විරෝධතාවයේ නිරත වුයේ අත්අඩංගුවේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට බලපෑම් කර පරීක්ෂණ මෙහෙයවන වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මාරු කිරිමට සෞඛ්‍ය ඇමැතිවරයා උත්සාහ ගන්නා බවට චෝදනා කරමිනි.

භික්ෂූන් වහන්සේලා, කතෝලික පූජකතුමන්ලා ඇතුළු දෙදහසකට අධික පිරිසක් එක්ව සිටි අතර කුරුණෑගල නගරයේ සිංහල ව්‍යාපාරිකයෝ රැසක් ද ව්‍යාපාරික ස්ථාන වසා දමා විරෝධතාවයේ නිරතවුහ.

සැකකාර වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ දේශපාලන අතපෙවීම්වොලින් තොරව සාධාරණව සිදු කළ යුතු බවද, එසේ නොකර කටයුතු කළහොත් මීට වඩා දැවැන්ත විරෝධතාවයන් සිදුකරන බව ඔවුහු පැවසුහ.

Read more

Local News