ඕනෑම අභියෝගයකට මම සූදානම් – අසාද් සාලි

Share

තමා යම් වැරදි ක්‍රියාවක් සිදු කර ඇත්නම් එය නීතිය ඉදිරියේ සනාථ කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

ඕනෑම අභියෝගයකට තමා මුහුණදීමට සූදානම් බව ආණ්ඩුකාරවරයා එහිදි ප්‍රකාශ කළේය.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා මේ බව පැවසීය.

මේ අතර කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කළේ ආසාද් සාලි ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපය නතර කිරිමට කටයුතු කළ යුතු බවයි.

Read more

Local News