මඩකලපුවේ කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

මඩකලපුව, කරදියනාරු කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානය ඊයේ (31)  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර කෘෂි අභ්‍යාස ආයතනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක‍ෂණ චාරිකාවක ද නිරත විය. කෘෂි අභ්‍යාස ආයතනයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ද, නැගෙනහිර පළාත් ඇමතිනී ආරියවතී ගලප්පත්ති, නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය තුරෙයිරාස සිංගම් යන මහත්වරුන් ඇතුථ පළාතේ මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous articleසයිබර් හිරිහැරයට ලක්වූ ලාංකික තරුණියන් දෙදෙනාගේ සහයට “WONDER WOMAN” පැමිණේ
Next articleවිහාරස්ථාන ප්‍ර‍තිසංස්කරණය යටතේ විහාරස්ථානයක් ශාසනයට පූජා කිරීම හෙට