ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

Share

2017 ඉන්දීය සාගර සමුළුව සඳහා සහභාගීවීමට දිවයිනට පැමිණි ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Iwao Horii මහතා   (01) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ජපානය සැබෑ මිත‍්‍රයෙකු ලෙස ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය උදෙසා ලබාදෙන දායකත්වය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා වෙනත් අරමුණුවලින් තොරව අවංක මිතුරෙකු ලෙස ලබාදෙන එම හෘදයාංගම සහය පිළිබඳ සිය කෘතවේදීත්වය පළ කළේය.

සාමය සහ සංහිඳියාව උදාකර ගැනීමට මෙන්ම සංවර්ධනය සඳහා ශී‍්‍ර ලංකා රජයේ කැපවීම අගය කළ ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජයිකා ආධාර තවදුරටත් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කැපවන බව ද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම නුදුරු දිනකදීම නැවතත් ජපානයේ සංචාරයක නිරතවන ලෙස ද මෙහිදී ජපන් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා වෙත ඇරයුම් කළේය.

Read more

Local News