ඉන්දියාවට චීනයෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

Share

දේශ සීමාව ඔස්සේ වන්දනාකරුවන් ගමන් ගනු ලැබීමත් තහනම් කරනු ලැබ ඇත.
දේශ සීමාව ඔස්සේ වන්දනාකරුවන් ගමන් ගනු ලැබීමත් තහනම් කරනු ලැබ ඇත.

හිමාලය අඩවියේ තමන් විසින් අයිතිවාසිකම් කියනු ලබන කලාපයකින් හමුදා ඉවත්කර ගන්නේ නැත්නම්,බරපතළ ප්‍රතිවිපාකාලට මුහුණ දීමට සිදුවිය හැකි බවට චීනය ඉන්දියාවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

දිල්ලි අගනුවර සිටින චීන තානාපති නිලධාරියකු වන ලියූ ජින්සොන් (Liu Jinsong) ප්‍රකාශයක් කරමින්,ඉන්දියානු සොල්දාදුවන් එම දේශසීමාව ඔස්සේ ගමන් ගැනීම නීතියට පටහැණි බව කියා සිටියේය.

එම අර්බුදය හටගෙන තිබෙන්නේ චීන-ඉන්දියානු සහ භූතාන් දේශ සීමාවේ පිහිටි ඩොක්ලාම් (Doklam) දේශසීමාව මුල්කර ගෙනයි.

දැඩි වචන පාවිච්චි කරමින් සිදු කරන අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත් කෙරුණේ ඉන්දියානු සොල්දාදුවන් ඩොක්ලාම් (Doklam) දේශසීමාව හරහා ගමන් ගනු ලබන බවට චෝදනා කරමින් චීන විදේශ අමාත්‍යාංශය විසින් සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුවයි.

ගැටුම දශක හතක් පමණ දිග්ගැසෙමින් පවතී
ගැටුම දශක හතක් පමණ දිග්ගැසෙමින් පවතී

මතභේදයකට තුඩු දී පවතින එම කලාපයට තම හමුදා යවන ලද්දේ චීනය විසින් එහි නීතියට පටහැණිව යමින් පාරක් කැපීම නතර කිරීමට බව මේ අතර ඉන්දියාව පවසයි.

ඉන් පෙර ප්‍රකාශයක් කළ චීන විදේශ අමාත්‍යාංශය දේශ සීමාවේ ඉන්දියානු පාර්ශ්වයේ මහාමාර්ග ඉදි කරමින් විශාල හමුදා කණ්ඩයක් නිරත කර ඇති බවට දිල්ලි බලධාරීන්ට චෝදනා කර තිබුණි.

ඉන්දියානුවන් දේශසීමාව ඔස්සේ සිය භූමියට අනවසරයෙන් ඇතුල් වෙන බවට දිල්ලි බලධාරීන්ට චෝදනා කරන චීනය එවැනි මැදිහත්වීම් වලින් වළකින ලෙස පසුගියදා කියා සිටියේය.

ඉන්දියානු දේශසීමා ආරක්ෂක භටයන් ‘සීකිම්’ ප්‍රාන්තයෙන් හිමාලය ගිරි දුර්ගය ඔස්සේ ටිබෙට් දේශයට ඇතුල් වෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ චෝදනාවයි.

ඉන්දියානු හින්දු සහ බෞද්ධ වන්දනාකරුවන් හිමාලය දුර්ගය ඔස්සේ ටිබෙට් දේශයේ පිහිටි සිය පුදබිම් කරා ගමන් ගන්නා අතර එම ගමන් බිමන් ද මේවනවිට තහනම් කරනු ලැබ ඇති බව බේජිං පාලනය දැනුම් දී ඇත.

ඉන්දියානු බෞද්ධ සහ හින්දු වන්දනාකරුවෝ චීන දේශ සීමාව ඔස්සේ ටිබෙට් පුදබිම් කරා යති
ඉන්දියානු බෞද්ධ සහ හින්දු වන්දනාකරුවෝ චීන දේශ සීමාව ඔස්සේ ටිබෙට් පුදබිම් කරා යති

මතභේදයට තුඩු දී තිබෙන හිමාලය බද ‘නතු ලා’ (Nathu La) මුරකපොල්ල තිබ්බතයේ පිහිටි හින්දු සහ බෞද්ධ ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන ඉන්දීය බැතිමතුන් බහුලව භාවිත කරන ස්ථානයකි.

මෙම දේශසීමාව මුල්කර ගනිමින් 1960 දශකයේ ඉන්දියාව සහ චීනය යුද වැදුණ අතර එම ගැටුම්කාරී වාතාවරණය දැනුත් වරින්වර ඉස්මතු වෙයි.

Read more

Local News