20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය භාවිත කරන ලෙස සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කරයි.
එහි පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පක්ෂ මූලස්ථානයේ ඊයේ (17) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
“ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්න එපා. ආයෝජකයෝ ගැන කටයුතු කරන්න අමාත්‍යාංශයක් තියෙනවද ? අලින්ට අගල් කපන්න, බතික් වැඩට අමාත්‍යාංශ, බුලත්, බිත්තර සහ සියලු කුළුබඩුවලට අමාත්‍යාංශ. ආයෝජකයෝ ගැන තිබුණු අමාත්‍යාංශය නැහැ. විමලවීර ප්‍රකාශයක් කර තිබෙනවා. විදුරත් කලකිරීමෙන්, රෝහිතට දැවැන්ත අමාත්‍යාංශයක්, මේකද වියත්මඟ ?“ යනුවෙන් ඒ මහතා පැවසීය.
“වනජීවි සහ වන සංරක්ෂණ ඇමතිට දැව සංස්ථාව විතරයි. ලී කපලා ඉරන්න තියෙන්නෙ. වාරිමාර්ග සම්බන්ධ ඇමතිලා ගොඩයි. කැබිනට් ඇමති චමල් – රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර. තාත්තාගෙන් පුතාට. ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමති නාගරික කුඹුරු කාටද ? මාර බෙදිල්ලක්, ආණ්ඩුව ආරම්භයේ දී කඩුල්ලක් දෙකක් දවාගෙන“ බව නලීන් බණ්ඩාර මහතා පැවසීය.
ප්‍රශ්නය – අපි දැක්කා පහුගිය දවසක එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජිතයින්ට බුරියානි පාටියක් දීලා තියෙනවා. එතුමා යනවා කිව්වට යන පාටක් නැහැ නේද ?
නලීන් බණ්ඩාර මහතා – “තරුණයන්ට නව යාන්ත්‍රණයක් සකසා. නායකත්වය භාරදෙනවා. යාන්ත්‍රණ හදන්න දෙයක් නැහැ. පාක්ෂිකයෝ ඉන්නෙ සජිත් එක්ක, එ.ජා.ප.යේ සුජාත පුත්‍රයා සමගි ජන බලවේගය සජිත්ට බාරදෙන්න අදටත් කම්පාවෙනවා රනිල් පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන“
ප්‍රශ්නය – ඔබතුමා ජාතික ලැයිස්තුවට පොඩි සපෝට් එකක් දෙන්න වගේ යන්නෙ ?
නලීන් බණ්ඩාර මහතා – “රනිල් තමා සුදුසුම“



