නව ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු අදත් (18) සිය ධුරවල රාජකාරි ආරම්භ කළහ.
ඒ අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද එම අමාත්‍යාංශයේදී වැඩ ආරම්භ කළේය.
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාද ධුරයේ වැඩ භාරගත්තේ එම අවස්ථාවේදීය.
වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද අද සිය ධුරයේ වැඩ භාරගත්තේය.
සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කළ අතර පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද අද පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කළේය.
පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ද අද ධුරයේ වැඩ ඇරඹුවේය.
මේ අතර වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යය මණ්ඩලය සමඟ සාකච්ඡාවක නිරත විය.
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මේ අතර, අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කෙරුණු නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා සිය රාජකාරී ආරම්භ කිරීම අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.



