අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් හෙට (19) තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
එම පක්ෂයේ නියෝජිතයන් අද (18) මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත් අතර පක්ෂයේ හිටපු ලේකම්වරයා ලෙස තම නම මැතිවරණ කොමිසම වෙත ලබාදුන් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ද නම ගැසට් කර අවසන් වන තුරු මෙතෙක් අතුරුදන්වී සිටිති.
මේ අතර, මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පාදක කරගනිමින් තමාට පිරිසක් විසින් පහරදුන් බවට චෝදනා කරමින් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි ඊයේ රාත්‍රියේ මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.



