ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි භූ චලනයක්

Share

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා හි ඇතිවූ භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජාතික හා අන්තර්ජාතික ආයතන සමග එකඟත්වයෙන් ඒ පිළිබඳව ප්‍රකාශ කරන බවයි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආශ්‍රිතව ප්‍රභල භූ චලන දෙකක් හට ගැනුණි.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙම කම්පන දෙකෙහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 8 ක් සහ 6 යි දශම 9 ක් ලෙස සටහන් වූ බවයි .

කෙසේවෙතත් මින් ඉන්දීය සාගරයේ රටවලට සුනාමි රළ හටගැනීමේ අවධානමක් නැතැයි ඉන්දීය සාගරයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය සඳහන් කළේය .

Read more

Local News