හදිසි විදුලි බිඳවැටීමත් සමඟ හටගත් විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්රීය වීම මෙම තත්ත්වයට හේතු වූ බවය.
උද්ගත වූ තත්ත්වය හමුවේ ඊයේ (18) දිනයේ සිට දින 4 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කරනු ලැබීය.
කෙසේවෙතත් ඊයේ දිනයේ ඇතැම් ප්රදේශවලට කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොවු බව ද වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් සහ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ කළ විමසීමක දී අදහස් දැක්වූ විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසා සිටියේ, ගල්අඟුරු බලාගාරයක් කෙටි කාලයක් තුළ ක්රියාත්මක කිරීම අසීරු වන බවය.
කෙසේ වෙතත් සිකුරාදා හෝ සෙනසුරාදා වන විට නොරෙච්චෝලේ බලාගාරය නැවත පණ ගැන්විය හැකි බවට විශ්වාස කරන බව ද පැවසු ඒ මහතා, සැපයුම ප්රමාණවත් වු බැවින් සමහර ප්රදේශවලට විදුලි කප්පාදුවක් ඊයේ දිනය තුළ සිදුනොකළ බව ද පැවසීය.



