ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

Share

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා දැනුවත් කර තිබේ.

 

විදුලිබල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි තර කරන ලෙස ද විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

විදුලි බිඳවැටීම පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා විෂයභාර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් මෙම උපදෙස් ලබා දුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සමස්ථ දිවයිනේම විදුලිබල සැපයුමේ ස්ථායිතාවය සුරැකෙන ප්‍රධානතම ස්ථානය වන පද්ධති පාලන
මධ්‍යස්ථානය නිරන්තරයෙන් සුරක්ෂිත වියයුතු අතර රටේ අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් අතිශය
තීරණාත්මක හා සංවේදී මධ්‍යස්ථානයක් නිසි අයුරින් රැකගැනීම ජාතික වගකීමක් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

Read more

Local News