Gmail යෙදවුමේ තාක්ෂණික දෝෂයක් – පරිශීලකයින්ගෙන් පැමිණිලි

Share

සුප්‍රකට විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail යෙදවුමේ තාක්ෂණික දෝෂයක් පවතින බවට දහස් සංඛ්‍යාත පරිශීලකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ලෝකයේ වෙනත් ප්‍රදේශ හරහා ලිපිගොනු ඇමිණීමට සහ විද්‍යුත් තැපැල් යැවීමට පරිශීලකයින්ට නොහැකි වි තිබෙන අතර පරිශීලිකයින් සඳහන් කරන්නේ Gmail සේවාව හරහා විද්‍යුත් ඊමේල් යොමු කිරිමට නොහැකි වන ආකාරයේ තාක්ෂණික ගැටළුවකට තමන් මුහුණ පාමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් Gmail සේවයද සටහනක් තබමින් තහවුරු කර සිටින්නේ එවැනි තාක්ෂණික ගැටළුවක් සම්බන්ධයෙන් වන පැමිණිලි තමන් වෙත ලැබෙමින් පවතින බවයි.

Read more

Local News