පාර්ලිමේන්තුව හෙටට කල් තබයි

Share

පාර්ලිමේන්තුව හෙට (21) දිනට කල් තබයි.

 

නවවන පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරිමේ අවස්ථාව සඳහා සහභාගීවිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි අතර පාර්ලිමේන්තුව වෙත පැමිණි ජනාධිපතිවරයා සහ ආර්යාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිළිගැනිම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත උත්සවය ආරම්භ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණිමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණිම සිදුවිය.

නවවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරිමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබිය.

Read more

Local News