විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

Share

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට නම් කර තිබේ.

 

මේ අතර අද (20) පෙරවරු 09.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්විම ඇරඹුණු පසු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා ඒකමතිකව තෝරා පත් කර ගැණුනි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ගත්තේය

නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතා පත් කර පත් කර ගැණුනි.

Read more

Local News