හිටපු ජනපතිට තනතුරක් ලබාදීම පිළිබඳව එකඟතාවක් ?

Share

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් යටතේ යම් තනතුරක් ලබාදීම පිළිබඳව එකඟතාවයක් පවතින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (20) පස්වරුවේ පැවති පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමක දී දයාසිරි ජයසේකර මහතා ඒ බව ප්‍රකාශ කළේය.

එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ද, මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.

නමුත් එවැනි තනතුරක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය වෙනුවෙන් සැප්තැම්බර් දෙවන දා ආගමික වතාවත් සිදුකිරිමට තීරණය කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read more

Local News