රනිල් වික්‍රමසිංහට සිතාසි

Share

හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ.සුමන්තිරන් යන මහත්වරු අද (21) පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියහ.

 

ඒ, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය දා ඔවුන්ට නොතිසි නිකුත් කිරීම නිසාය.

දිවි නැගුම දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේ දී ස්වෙච්ඡාවෙන් ඉවත්වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම හා “ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියෙන්” සහන ලබාදීමේ සිද්ධීන්වලට, දේශපාලන බලපෑම් මත තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිලි කර තිබේ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද අද දිනයේදී කැඳවීමක් කර තිබූ නමුත් ඔහු කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වන බව දන්වා සිටීමත් හේතුවෙන් ඔහුට සැප්තැම්බර් 4 වැනිදා යළිත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නොතිසි නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර හිටපු අමාත්‍යවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ට සැප්තැම්බර් 9 වැනිදා හෝ 11 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින මෙන් අද නැවතත් නොතිසි නිකුත් කෙරුණි.

Read more

Local News