හිටපු ජනපති සිරිසේන නොකළ දෙයක් ගැන මංගල කියයි

Share

2015 වසරේ දී දූෂිතයින්ට දඬුවම් කිරීමට ජනතාව ජනවරමක් ලබා දුන් නමුත් එම වගකීම නිසිලෙස ඉටුනොවීම හේතුවෙන් මෙවර මැතිවරණයේ දී ජනතාව දඬුවම් කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

 

අද (21) පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා මේ බව කියාසිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා, “ 2015 දී පත්වු ආණ්ඩුවට ජනතාව ජනවරමක් ලබා දුන්නේ, දූෂිතයින්ට දඩුවම් කරන්න නමුත් ජනාධිපති සිරිසේන යටතේ ඒ කාර්ය බාරය නිසිලෙස නොකෙරුණ නිසා තමයි 2019 දීත් 2020 දීත් ජනතාව අපිට දඬුවම් කරේ. ඔන්න ඕකයි මේකේ යථාර්ථය.“ යනුවෙන් පැවසීය.

“මේ රටේ හිටිය රාජ්‍ය නායකයා සිරිසේන. රනිල් වික්‍රමසිංහ මහතා අවාසනාවකට හෝ තාමත් ජනාධිපති වෙන්න බැරිවුණා.“

“අපේ ආණ්ඩුව මේ රට නිවැරදි මාර්ගයකට යොමු කරත් ඒවා ඉවර කරන්න බැරි වුණා. ජනතාව ඉල්ලපු හොරු හිරේ දාන්නත් බැරි වුණා. ඒක මගේ වැඩක් නෙමෙයි. ඒක නීතියෙන් කළ යුතු දෙයක්. ඒක නීතියෙන් නොකරපු නිසා තමයි ජනතාව අපිට බනින්නේ. ආණ්ඩුව ඉන්නේ හොරු අල්ලන්න විතරක් නෙමෙයි.“

හොරු අල්ලන පැත්තෙන් ආණ්ඩුවක් විදියට ෆේල්… රට දියුණු කිරීම පැත්තෙන් අපි බොහෝම සාර්ථකයි. ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට වගකියන්න බෑ. මොකද සම්පූර්ණ ආරක්ෂාවේ බලතල තියාගෙන හිටියේ සිරිසේන ජනාධිපතිවරයා නිසා. “ යනුවෙන් ද මංගල සමරවීර මහතා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

Read more

Local News