නාවික හමුදාපති හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක අතර හමුවක්

Share

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් මහතා හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතර හමුවක් සිදුවිය.

 

මෙම හමුව ඊයේ(24) සිදු වූයේ නාවික හමුදා මූලස්ථානයේදීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති තුමන් වෙත සුභාශිංසන පිරිනැමූ ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග්, ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩු  නාවික හමුදාවන් අතර ඇති දිගු කාලීන සබඳතාවය සහ සහයෝගීත්වය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

තවද මෙම සුහද හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

Read more

Local News