කුඩු රොෂාන් ගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තුප්පැහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් කුමාර නොහොත් “කුඩු රොෂාන්“ නමැත්තාගේ සමීපතමයෙකු හෙරොයින් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් වි‍ශේෂ කාර්යය බලකා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් වැල්ලම්පිටිය වෙලේවත්ත සමූපකාරය අසල දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.