ව්‍යාජ නෝට්ටු ලග තබා ගත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්

Share

දැනට අත්අඩංගුවේ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල් ලක්ෂාන් සමීර
වන්නිආරච්චි නමැත්තා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන
මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ රුපියල් 5000 මුදල් නෝට්ටු තිස් එකක්
සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සැකකරුට එරෙහිව කරුණු ඉදිරිපත් වී තිබෙන
බවය.

ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව විමර්ශන සිදුකරන බව ද අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ නෝට්ටු පරීක්ෂා කර ඒ පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Read more

Local News