කුඩු සුරංග හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට

Share

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඌරගහ චමිල් ප්‍රියාංග නොහොත් “කුඩු සුරංග හික්කඩුව, තිරානගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

“කුඩු සුරංග“ නැමැති එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 100ක් තිබු බව පොලීසිය පැවසීය.

අපරාධ රැසකට සම්බන්ධ එම සැකකරු හික්කඩුව සංචාරක පුරවරයට මත් කුඩු බෙදාහරින අයෙකු බවට හඳුනාගෙන ඇත.

සැකකරු අද (28) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News