මෙරට ආසාදිතයින් ගණන 3,092ක් දක්වා ඉහළට

Share

මෙරට ඊයේ (01) දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 1,810ක් සිදුකර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

 

අද වන විට මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 228,052ක් වන අතර ඊයේ දිනය තුළ නව කොරෝනා ආසාදිතයන් 43ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3,092ක් දක්වා ඉහළ ගියේය.

එම ආසාදිතයින් අතර කටාර් හි සිට පැමිණි 26ක්, කුවේට් සිටි පැමිණි 06ක්, මාලදිවයින සිට පැමිණි 06ක්, ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු සහ ඉන්දීය සිවිල් නාවික ආරක්ෂකයෙක් ද වන බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඔවුන් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

මෙරට සමස්ථ කොවිඩ් රෝගීන්ගෙන් 2,879 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝගීන් 201 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මේ අද (02) උදෑසන වන විට ඩුබායි සිට සිවිල් නාවික ආරක්ෂක නිලධාරීන් 29 දෙනෙක් හා දෝහා කටාර් සිට පුද්ගලයින් 57 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

අද නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 402ක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතය.

පුද්ගලයින් 35,338 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය මේ වන විට අවසන් කර ඇති අතර අද වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයින් 7,990ක් නිරෝධායනය වෙමින් තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ පවතින අවාදනම මනාව ලෙස වටහා ගනිමින් තවදුරටත් ඉන් ආරක්ෂාවීමට කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කරයි.

Read more

Local News