දේශපාලන නායකත්වය වගකිව යුතු ප්‍රධාන කරුණක්

Share

නව ශ්‍රී ලංකාවක් බිහිකළ යුතු කාලය එළඹ ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි.

 

වෙන් වූ ජාතීන් සහ ආගමිකයින් එකට එක් කර සහෝදරත්වයෙන් රටේ තරුණ පරපුර පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බව උන්වහන්සේ සඳහන් කළහ.

ගණේමුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් එතුමන් වැඩ්දුරටත් පැවසුවේ විදේශික ආක්‍රමණිකයින්ගෙන් 1948 වසරෙදී ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට හැකි වුයේ සෑම කෙනෙකුම එකමුතුව කටයුතු කළ නිසා. නමුත් එයින් පසුව ජාතින් අතර එකමුතුකම බිඳී ගියා. පසුව ජාතීන් අතර ඇති වු අවිශ්වාසය නිසා වසර 30කට ආසන්න කාලයක් යුද්ධයෙන් බැට කෑමට සිදු වු බවයි.

රට තුළ ජාති ආගම් භේද ඇති වීමට දේශපාලන නායකත්වය වගකිව යුතු අතර ඔවුන් එය දේශපාලන වේදිකාවේ පාවිච්චිකරන අතකොළුවක් බවට පත් කර ගත් බවත් උන්වහන්සේ පැවසූහ.

රටේ අධ්‍යාපන කේෂත්‍රය තුළ දරුවන්ට ප්‍රධාන භාෂා දෙකම අනිවාර්ය කළ යුතු බවත් ජාති ආගම් භේද ඇතිවන පරිදි කටයුතු කරන දේශපාලන පක්ෂ තහනම් කළ යුතු බවත් උන්වහන්සේ පවසති.

බෞද්ධාගමේ පදනම මත සියලුම ආගමික සහ සංස්කෘතික කොටසකටම රටට සේවය කිරීමට ඉඩසැලැස්වීම අපගේ වගකීම විය යුතු බව ද කාදිනල් හිමිපාණෝ සදහන් කළහ.

Read more

Local News