මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3,097ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදිතයින් 5ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

 

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,097ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (02) සවස 5 වන විට වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් තිදෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි අය වන අතර, සෙසු දෙදෙනා කුවේට් සිට මෙරටට පැමිණි අය බව වාර්තා වෙයි.

අද දිනය තුළ පුද්ගලයින් සිව් දෙනෙක් පුර්ණ සුවය ලබා පිටව ගිය අතර සුවය ලැබු සමස්ථය 2,883ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News