මාලදිවයින් ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් – එය වැලැක්වීමට ආරක්ෂක අංශ වෙත නියෝග

Share

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය උත්සාහ කරන බව එරට නීතිපතිවරයා පවසයි. ඒ අනුව එය වැලැක්වීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.

ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය නම් සිය ජීවිත වුවත් පරිත්‍යාග කරන බවට මාලදිවයින් හමුදාවේ සහ පොලිසියේ ඉහළ නිලධාරීහු දිවුරුම් දි තිබේ.

ඒ අනුව ඉහත කී දිවුරුම් දීමේ උත්සවය එරට රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි. දේශපාලන සිරකරුවන් නව දෙනෙකු නිදහස් කරන ලෙසට මාලදිවයිනේ ඉහළම අධිකරණය පසුගියදා ලබා දුන් නියෝගයට එරට බලධාරීන් අවනත නොවීමත් සමග එහි අර්බුදකාරී තත්ත්වයක් හට ගෙන තිබේ. හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් අට දෙනකු ඉහත කී දේශපාලන සිරකරුවන් අතර වෙති.

Read more

Local News