HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු යළි අරඹයි

Share

සීමා කර තිබූ HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු යළි ආරම්භ කළ බව ඒඩ්ස් මර්දන හා ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය සදහන් කරයි.

 

සායන හා රෝහල් කරා එන පුද්ගලයින්ට අමතරව ප්‍රජාව අතරට ගොස් ආසාදිතයින් හඳුනා ගැනීමේ වැඩසටහන් පුළුල් කර ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය සඳහන් කළාය.

පසුගිය වසරේ මෙරටින් වාර්තා වූ HIV ආසාදිතයින් සංඛ්‍යාව 438ක් වන අතර මෙරට HIV ආසාදිතයින්ගෙන් බහුතරයක් අවුරුදු 20 ත් 45 ත් අතර පිරිමි පුද්ගලයින් බව ද විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළා ය.

Read more

Local News