කොරෝනා ආසාදනය වූ 13ක් පූර්ණ සුවය ලබයි

Share

කොරෝනා ආසාදනය වූ තවත් 13ක් පූර්ණ සුවය ලබා තිබෙන බවත් ඒ අනුව සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3,142ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

 

 

ඊයේ (23) දිනයේ වාර්තා වූ නව රෝගීන් 11 දෙනාත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3,324ක් දක්වා ඉහළ ගිය අතර එම රෝගීන් 11 දෙනාගෙන් 07 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් අතර දෙදෙනෙකු අමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉතියෝපියාවේ සිට පැමිණි පුද්ගලයෙකු සහ රුසියානු ජාතික ගුවන් කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ද ඊයේ හඳුනාගැණුනු කොරෝනා රෝගීන් අතර සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව රෝගීන් 169 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.

Read more

Local News