සරසවි කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ නිකුත් කෙරේ

Share

ඉදිරි දෙසතිය තුළ විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

 

ඊට පෙර සියලු විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ලබන සතියේ සාකච්ඡාවක් ද පැවැත්වෙන බව එහි උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අදාළව ප්‍රවීණතා විභාග 36 ක ප්‍රතිඵල ද මේ වනවිට නිකුත් කර අවසන් අතර 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 40000 ක් පමණ වේ.

එය ගිය වසරට සාපෙක්ෂව 10000 ක වැඩි වීමක් බව ද ඇය සඳහන් කළාය.

වෛද්‍ය,ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවා ඇති බව මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පැවසීය.

Read more

Local News