වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව ලබන පාඩුව මෙන්න

Share

මෙරට තැපෑලට තම සේවා වපසරිය හඳුනාගතහොත් ජාතික ආර්ථීකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විට හැකි බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සදහන් කළේය.

 

ජනපතිවරයා මේ බව පැවසුවේ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ පැවැති සාකච්ඡාවේදීෙය.

එමෙන්ම තැපෑල සතු විශාල සම්පත් ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණයෙන් එම ඉලක්කය වෙත පහසුවෙන් ළඟාවිය හැකි බවත් වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 06ක පාඩුවක් ලබන බව එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය නිපුනතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවිමටත් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරිමටත් එහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

හඬ කවන ලද විදේශ ටෙලිනාට්‍ය විකාශනයේදී අය කෙරෙන බදු නැවත සක්‍රිය කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read more

Local News