රාජිතට යළි සිතාසී නිකුත් කෙරේ

Share

ලබන 05 වැනිදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස යළි සිතාසී නිකුත් කර ඇත.

නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව එම කැඳවීම සිදු කර තිබේ.

කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අසත්‍ය චෝදනා ගොනු කරමින් තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කොමිසමට පැමිණිලි කර තිබු අතර මෙම පැමිණිල්ලට අදාළව රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති අතර රාජිත සේනාරත්න මහතා ඊයේ (29) කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට යළි සිතාසී නිකුත් කර තිබේ.

Read more

Local News