කොරෝනා යළිත් පැතිරෙන්න පුළුවන් : සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Share

ලංකාවේ කොරෝනා අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

 

මාස දෙකකට අධික කාලයක සිට සමාජය තුළින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූවද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් කොවිඩ් යළි පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“විදෙස් රටවල සිට කොවිඩ්-19  රෝගීන්තමයි, මේ රටට එන්නේ, වෛරසය ආසාදිතයින් පුද්ගලයින් අපේ මේ භූමිය තුළ සිටිනවා, රෝහලකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සමහර වේලාවට අත්වැරදීමකින් හෝ අතපසුවීමකින් ඔවුන් සමාජයත් සමග ගැටෙන්නට පුළුවන්,  ඒ වාගේම තමයි අපේ රටට ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඇතැම් පිරිස් ආවා, ඒ වගේම මුහුදේදී ඉන්දියානු ජාතිකයින් හමුවිය හැකියි,  ඒ නිසා තවමත් අපේ සමාජය අනාරක්ෂිතයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ්-19 රෝගයේ භායානක දැක්කේ නැහැ“ යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර මහතා  වැඩිදුරටත් පැවසීය.

Read more

Local News