ලෝක ළමා දිනයේ ජනපති දුන් පණිවුඩය

Share

තම ඒකායන අපේක්ෂාව භෞතික සහ මානසික දරිද්‍රතාව දුරු කළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැඟීම බව ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

 

ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

රටේ අනාගත වත්කම වන දරු පරපුර දැනුමෙන් පෝෂණය කර කුසලතා වර්ධනය සඳහා අවස්ථාව දීම, ජාතියේ වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

දරුවන්ගේ කායික සහ මානසික පෝෂණය සේම යහ පැවැත්ම තහවුරු කිරීම, ප්‍රමුඛ කාලීන අවශ්‍යතාවකි.

රටක් ජාතික හෝ ජාත්‍යන්තර සංවර්ධන නිර්නායක කොතෙක් දුරට ළඟා කර ගත්ත ද, සමාජය මානව දයාව සහිත මිනිසුන්ගෙන් තොර නම් එය පතිරූප දේශයකැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිතුමා පැවසුවේය.

එවන් රටක් ගොඩනැගීමට ගුණ නැණ මෙන්ම ශිල්පීය වශයෙන් ද භාෂා ඥානයෙන් ද දරු පරපුර ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.‍

මෙවර ළමා දිනයේ තේමාව, “අපේ රට අපේ දෑතින්” යන්නයි.

මේ වන විට ලොව පුරා සිටින ළමා ජනගහනය බිලියන 1.9 ඉක්මවන අතර මෙරට ළමා ජනගහනය මිලියන 4.3 කට අධිකයි.

Read more

Local News