අර්ජුන රණතුංගට වරෙන්තු නිකුත් කෙරේ

Share

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළු වීම සහ තවත් චෝදනා කිහිපයක් යටතේ හිටපු නාගරික මන්ත්‍රී කුලතිස්ස ගී කියනගේ ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩු විභාගයට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට වරෙන්තු නිකුත් කර තිබේ.

 

අද(02)දිනයේ නඩුවට අදාළ සාක්ෂි ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි නොමැති බව වාර්තා වන අතර ඒ හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂි විමසීම සඳහා දෙසැම්බර් 18 වන දා යළි නඩුව කැඳවීමට තීරණය කර තිබේ.

Read more

Local News